colombotimes.lk
සිංහල | English

23 October 2024


ආරුගම්බේ ආරක්ෂාව ගැන වැඩබලන පොලිස්පතිගෙන් විශේෂ ප්‍රකාශයක්



ආරුගම්බේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

එහිදී ඔහු සඳහන් කළේ මෙරට සිටින සියලුම විදේශිකයන්ගේ ආරක්ෂාව තහවුරු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සියලුම තානාපති කාර්යාල දැනුවත් කර ඇති බවයි.

විදේශිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලැබුණු යම් තොරතුරු මත ආරක්ෂක මණ්ඩලය රැස්වී ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බවද වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කළා.


(colombotimes.lk)