colombotimes.lk
සිංහල | English

23 October 2024


ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට අනතුරු ඇඟවීමක්



ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයන්ට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ත්‍රස්තවාදී තර්ජනයක් ඇති බැවින් ශ්‍රී ලංකාවේ ඇතැම් සංචාරක ප්‍රදේශ කිහිපයකින් වහාම ඉවත්වන ලෙසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ආරුගම් බොක්ක ප්‍රදේශයෙන් සහ දිවයිනේ දකුණු සහ බටහිරින් පිහිටි අනෙකුත් වෙරළ තීරයන්ගෙන් වහාම ඉවත් වන ලෙස ඊශ්‍රායල ජාතික ආරක්ෂක මණ්ඩලය සිය ජාතිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

(colombotimes.lk)