colombotimes.lk
සිංහල | English

22 October 2024


චීනයෙන් මෙරටට හදිසි ගංවතුර සහනාධාර



පසුගියදා ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා චීන රජයෙන් රුපියල් මිලියන 30ක මුදලක් මෙරටට පරිත්‍යාග කර තිබෙනවා.

ඒ අද (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක හමු වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong විසින් එම මුදල නිල වශයෙන් ජනාධිපතිවරයා වෙත භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ.

විපතට පත්වූවන් වෙනුවෙන් හදිසි සහන සැලසීම මෙන්ම ගංවතුර තත්ත්වය වැළැක්වීම සහ කළමනාකරණයට අදාළව ගත යුතු දීර්ඝකාලීන උපායමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
 
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර තත්ත්ව වළක්වා ගැනීම සහ එවැනි අවස්ථාවලට මුහුණදීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීම සඳහා අනුගමනය කළ හැකි තිරසාර විසඳුම්, ක්‍රමවේදයන් පිළිබඳව එහිදී අවධානයට ලක් වී ඇති බවයි.

(colombotimes.lk)