colombotimes.lk
සිංහල | English

23 October 2024


SL Vs NZ | නවසීලන්තය ප්‍රබලයන් රැසක් විවේක ගන්වයි



ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ T20 තරගාවලිය සඳහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

මෙම T20 තරගාවලියට තරග 2ක් සහ එක්දින තරගාවලියට තරග 3ක් ඇතුළත්.

මෙම තරගාවලි සඳහා නවසීලන්ත ස‍ංචිතයෙන් කේන් විලියම්සන්, ටොම් ලැතම්, ඩැරල් මිචෙල්, රචින් රවින්ද්‍ර, ඩෙවොන් කොන්වේ සහ ටිම් සවුති වැනි ප්‍රබලයන් රැසක් විවේක ගන්වා තිබෙනවා.

ඒ අනුව නම් කරන ලද නවසීලන්ත සංචිතයේ නායකත්වය හිමි වී තිබෙන්නේ තුන් ඉරියව් ක්‍රීඩක Mitchell Santnerහටයි.

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින සහ T20 තරගාවලි සඳහා වන නවසීලන්ත සංචිතය පහතින්,

01. Mitchell Santner (c)
02. Michael Bracewell
03. Mark Chapman
04. Josh Clarkson
05. Jacob Duffy
06. Lockie Ferguson
07. Zak Foulkes
08. Dean Foxcroft
09. Mitch Hay (wk)
10. Henry Nicholls
11. Glenn Phillips
12. Tim Robinson
13. Nathan Smith
14. Ish Sodhi
15. Will Young

තරග පැවැත්වෙන දිනයන් පහතින්,

1st T20I - නොවැම්බර් 9 ( දඹුල්ල)

2nd T20 - නොවැම්බර් 10 (දඹුල්ල)

1st ODI - නොවැම්බර් 13 ( දඹුල්ල)

2nd ODI - නොවැම්බර් 17 (පල්ලෙකැලේ)

3rd ODI - නොවැම්බර් 19 (පල්ලෙකැලේ)

(colombotimes.lk)