colombotimes.lk
සිංහල | English

17 May 2024

ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව අද අරඹයි



ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුවට සහභාගී වීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.

එම සමුළුව අද (01) සිට ලබන (05) වනදා දක්වා ජෝර්ජියාවේ ට්බිලිසි අගනුවර දී පැවැත්වීමට නියමිතයි.

අමාත්‍යවරයා කියා සිටියේ සමුළුව සඳහා අර්ථවත් දායකත්වයක් ලබා දීමට අපේක්ෂා කරන බවත් මෙවර සමුළුව සෙසු සාමාජික රටවල් සමග හවුල්කාරීත්වය ඇති කර ගැනීමේ සංසදයක් බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
(colombotimes.lk)