colombotimes.lk
සිංහල | English

04 May 2024

උතුම් බක් පුර පසළොස්වක පොහොය දිනය අදයි



ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ පින්බර බක් පුර පසළොස්වක පොහොය දිනය අදට (23) යෙදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩම කිරීම.

මැණික් පුටුවට යුද වදිමින් සිටි චූලෝදර - මහෝදර නා රජුන් දෙදෙනාට ධර්මය දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.

සතර පෙරනිමිතිවලින් පළමු පෙරනිමිත්ත සිදුහත් කුමරුගේ ඇස ගැටීම, යන විශේෂ සිදුවීම් රැසක් සිදු වූයේ අද වැනි උතුම් පොහෝ දිනකයි.
(colombotimes.lk)