colombotimes.lk
සිංහල | English

18 May 2024

SL Vs BAN 1st ODI | පළමු තරගයේ ජය බංගලාදේශයට



ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට බංගලාදේශ කණ්ඩායම සමත් වුණා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 255ක් ලබා ගත්තා.

එහිදී ජනිත් ලියනගේ ලකුණු 67ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස් කළා.

ජයග්‍රහණය සඳහා ලකුණු 256ක ඉලක්කයක් හඹා ගිය බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී තරගයේ ජය හිමි කරගත්තා.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායම තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1 - 0ක් ලෙස පෙරමුණ ලබා ගැනීමට සමත් වුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවන එක්දින තරගය එළඹෙන සිකුරාදා (15) පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)