colombotimes.lk
සිංහල | English

17 May 2024

කැරට් වල ගණන් බසියි




රුපියල් 2500ක් දක්වා ඉහළ ගොස් තිබූ කැරට් කිලෝවක සිල්ලර මිල ඊයේ (14) වන විට රුපියල් 600ක් දක්වා අඩු වී තිබෙනවා.

බොහෝ එළවළුවල මිල ගණන් සහ සහල් වල මිල ගණන් ද පසුගිය දිනවලට සාපේක්ෂව අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර සම්බා සහ කීරි සම්බා සහල්වල හිඟයක් ඇති වී තිබෙනවා.

ඒ හේතුවෙන් කීරි සම්බා කිලෝ 05ක පැකට්ටුවක් රුපියල් 1800ක් දක්වා මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයින් පෙන්වා දෙනවා.
 
නාඩු කිලෝවක් රුපියල් 96 කට ද, සුදු සහල් කිලෝවක් රුපියල් 90 කට ද, රතු කැකුලු කිලෝවක් රුපියල් 170ක් දක්වා ද මිල පහළ වැටී තිබෙනවා.
(colombotimes.lk)