colombotimes.lk
සිංහල | English

17 May 2024

මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගත යුතුයි – වෛද්‍ය දීපාල්



මත්පෙති සහ මත්ද්‍රව්‍යවලින් දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජයේ අවධානය වැඩිවශයෙන් යොමුවිය යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහළේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

දෙමාපියන් සහ භාරකරුවන් දරුවන් ඉදිරියේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය පානය කිරීම නොකළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඖෂධ හෝ වෙනත් මත්වන ද්‍රව්‍ය දරුවන් සමීපයේ නොතැබීමට වැඩිහිටියන් කටයුතු කළ යුතු බවද වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)