colombotimes.lk
සිංහල | English

03 May 2024

විදුලි බිල ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්



නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හානියක් නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

නව කෙටුම්පතට එල්ලවන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ඊයේ (19) පැවසුවේ එම පනතින් ගැටලු ඇතිවන්නේ විදුලිබල වෘත්තිය සමිති නායකයන්ට බවයි.

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට විධි විධාන සලසන විදුලි පනත් කෙටුම්පත ගැසට් නිවේදනයක් මඟින් අප්‍රේල් 17 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණා.

එය මීළඟ සභාවාරයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විදුලි වෘත්තීය සමිති ඇතුළු පාර්ශව රැසකගෙන් විවිධ චෝදනා එල්ල වී තිබෙනවා.
(colombotimes.lk)