colombotimes.lk
සිංහල | English

18 May 2024

දිස්ත්‍රික්ක රැසක ඩෙංගු හිස ඔසවන ලකුණු



මහනුවර, කුරුණෑගල, පුත්තලම, මඩකලපුව සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල යළි ඩෙංගු රෝගය උත්සන්න වන තත්ත්වයක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. 

ඉදිරියේදී වර්ෂාපතනය ලැබීමත් සමග මෙම තත්ත්වය වැඩි විය හැකි බව එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා සඳහන් කළා. 
 
දිවයින පුරා මේ වනවිට ඩෙංගු රෝගීන් 43,346 දෙනෙක් වාර්තා වී තිබෙනවා. 
 
ඉන් 21,654 ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව වෛද්‍ය නලීන් මහතා සඳහන් කළා.
(colombotimes.lk)