colombotimes.lk
සිංහල | English

18 May 2024

ගව රෝගය නිසා කිරි නිෂ්පාදනයට බලපෑම්



ගවයින් අතර පැතිර යන සමේ ගැටිති සහිත රෝගය මධ්‍යම පළාතේ කිරි නිෂ්පාදනයට බලපෑම් සිදුකර ඇති බව මධ්‍යම පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා. 

ගව ගැටිති රෝගය මධ්‍යම පළාතේ ද ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වී ඇති බව සඳහන්. 
 
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරින් කඩිනමින් ක්‍රියාකළ යුතු බව එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්.එම්.කේ.පී රජනායක මහත්මිය ප්‍රකාශ කළා. 
 
මෙම රෝගය පාලනයකට ලක් කරන තෙක් ගව මස් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසට සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දී තිබෙනවා.
(colombotimes.lk)