colombotimes.lk
සිංහල | English

04 May 2024

හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරවයි



චමින්ද විජේසිරි ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට නයන වාසලතිලක නව මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී
දිවුරුම් දී තිබෙනවා.

ඒ, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදීයි.

චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ සමගි ජනබලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රි ධුරය සඳහා නයන වාසලතිලක මහතාගේ නම් මැතිවරණ කොමිසම ඊයේ (11) රාත්‍රියේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබුණා.
(colombotimes.lk)