colombotimes.lk
සිංහල | English

03 May 2024

පාස්කු ප්‍රහාරයට පස් වසරක්



පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සිදු වී අදට (21) වසර පහක් ගත වනවා.

පාස්කු ප්‍රහාරයෙන් මෙලොව හැර ගිය පිරිස් සිහි කරමින් ඒ වෙනුවෙන් දිවයිනේ දේවස්ථාන රැසකදී දේව මෙහෙයන් සංවිධානය කර ඇති බව සඳහන්.

2019 වර්ෂයේ අද වැනි දිනක පාස්කු ඉරිදාව සමරමින් දේවස්ථානවල දේව මෙහෙයන්ට සහභාගී වූ කතෝලික ජනතාව ඉලක්ක කර එම ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළා.

එලෙස එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරවලින් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 273ක්.

එමෙන්ම තවත් බොහෝ පිරිසක් ආබාධිතයින් බවට පත් වුණා.

කෙසේවෙතත් පාස්කු ප්‍රහාරය එල්ල වී අදට (21) වසර පහක් සපිරුණ ද තවමත් ඊට වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැහැ.
(colombotimes.lk)