ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව රුපියල් 309ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකර කර තිබෙනවා.
එහි නව මිල රුපියල් 299ක්.
එමෙන්ම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 361ක් ලෙස සටහන් වනවා.
(colombotimes.lk)