03 March 2025


මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවාට Adrien Brody - හොඳම නිළිය Mikey Madison



ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන 97වැනි ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමට Adrien Brody සමත් වුණා.

ඒ  'The Brutalist' හි රංගනය වෙනුවෙන්.

එමෙන්ම මෙය ඔහුගේ දෙවැනි ඔස්කාර් සම්මානය වන අතර ඔහු මින් පෙර 'The Pianist' හි රංගනය වෙනුවෙන්ද හොඳම නළුවාට හිමි සම්මානය හිමිකරගෙන තිබෙනවා.

'අනෝරා' (Anora) චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් Mikey Madison හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මාන දිනා ගනු ලැබුවා.

එමෙන්ම ඇය පසුගිය වසරේ කෑන්ස් හි 'පාම් ඩි'ඕර්' සම්මානයද හිමිකර ගැනීමට සමත් වූ අතර මේ වසරේ BAFTA සහ Spirit සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානයද හිමි කරගත්තා.

හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනාගැනීමට සමත් වුණේ ෂෝන් බේකර් අධ්‍යක්ෂණය කළ අනෝරා චිත්‍රපටයයි.

(colombotimes.lk)