2025 පළාත් පාලන ඡන්ද විමසීමේදී අපේක්ෂකයෙක්ට එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් වියදම් කළ හැකි උපරිම මුදල නියම කරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව අපේක්ෂකයෙක් විසින් එක් ඡන්දදායකයෙක් වෙනුවෙන් රුපියල් 74 - 160ත් අතර මුදලක් වියදම් කළ හැකි බවයි.
2025 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම පසුගිය 24වනදා ආරම්භ කර තිබෙනවා.
ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා වෙන් වෙන් වශයෙන් එම මුදල ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
පළාත් පාළන ආයතන මැතිවරණයට අදාළව අපේක්ෂකයෙක්ට ඡන්ද දායකයෙක් වෙනුවෙන් වැය කළ හැකි අඩුම මුදල වන රුපියල් 74 මන්නාරම පළාත් පාලන ආයතනය සඳහා වෙන් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ වැඩිම මුදල වන රුපියල් 160 ප්‍රකාශයට පත් කර ඇත්තේ ලාහුගල පළාත් පාලන ආයතනය සඳහා බවයි.
(colombotimes.lk)