02 April 2025


ඊශ්‍රායලයෙන් ගාසා තීරයට අනතුරු ඇඟවීමක්



ඊශ්‍රායල හමුදාව දකුණු ගාසා තීරයේ සිවිල් වැසියන්ට ඉවත් වන ලෙස නියෝග කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල හමුදාව විසින් රෆා නගරයේ පදිංචිකරුවන්ට සහ අසල්වැසි ඛාන් යූනිස්හී සමහර කොටස්වල සිටින සිවිල් වැසියන්ට වහාම අල්-මවාසි මානුෂීය කලාපයට පිටත්ව යන ලෙසට උපදෙස් දී ලබාදී ඇති බවයි.

සටන් විරාමය අවසන් වීමෙන් පසු ගාසා තීරයට සිදු කළ විශාලතම ඉවත් කිරීමේ නියෝගය මෙය බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ ඊශ්‍රායල හමුදා එම ප්‍රදේශවල හමාස් සංවිධානයට එරෙහිව දැඩි මෙහෙයුම් ක්‍රියාක්මක කිරීමට සූදානම් වන බවට අනතුරු අඟවමින්.

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පසුගියදා පැවති මාස 02ක සටන් විරාමයේදී රෆාහි සිය නිවෙස් වෙත පැමිණි පලස්තීනුවන් යළිත් ඉන් පළායාමට පටන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)