colombotimes.lk
සිංහල | English

04 May 2024

මුම්බායි ඉන්දියන්ස් පරදා රෝයල්ස් කණ්ඩායමට විශිෂ්ට ජයක්



2024 IPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ පැවති තරගයෙන් කඩුලු 9ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමත් සමඟයි.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 179ක්.

එහිදී Yuzvendra Chahal දවාගත් කඩුල්ල සමඟ IPL තරග ඉතිහාසයේ කඩුලු 200ක් බිඳ දැමූ පළමු පන්දු යවන්නා බවට Chahal පත් වුණා.
(colombotimes.lk)