colombotimes.lk
සිංහල | English

16 September 2024


විදෙස් සංචිතවල වර්ධනයක්



ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 5,954ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය 2024 ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 5,652ක් ලෙසින් වාර්තා වූ නිල සංචිත වත්කම් වටිනාකම හා සැසඳීමේදී 5.3%ක කැපී පෙනෙන වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවල සඳහන්.  

මේ අතර නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය, පසුගිය අගෝස්තු මාසය තුළ දී ඩොලර් මිලියන 5,577 සිට ඩොලර් මිලියන 5,912ක් දක්වා 6.0%ක වර්ධනයක් වී තිබෙනවා.

(colomotimes.lk)