01 July 2025

logo

පොදුරාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙක්



පොදුරාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙක් තරග වැදීමට නියමිතව තිබෙනවා.

එම තරගාවලිය සැප්තැම්බර් මස 17 වනදා සිට 24 වනදා දක්වා ෆීජි හි සුවා හි පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

රටවල් 30කට ආසන්න ප්‍රමාණයකින් බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික පිරිසක් මෙම තරගාවලියට සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා බර ඉසිලීමේ කණ්ඩායමට අශේන් කරුණාරත්න (කිලෝග්‍රෑම් 61), පසිඳු මාලවන (කිලෝග්‍රෑම් 81) සහ අබිද් ජමීල් (කිලෝග්‍රෑම් 96) ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)