colombotimes.lk
සිංහල | English

04 May 2024

හමාස් විසින් සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කරයි



හමාස් සංවිධානය විසින් සටන් විරාම යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, ප්‍රාණ ඇපකරුවන් සහ සිරකරුවන් හුවමාරු කර ගැනීම වෙනුවෙන්.

ඇමරිකාව ඇතුළු මැදිහත්කරුවන් වෙත අදාළ යෝජනාව ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙහිදී පලස්තීන සිරකරුවන්ට නිදහස ලබාගැනීම සඳහා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමටයි හමාස් සංවිධානය යෝජනා කර ඇත්තේ.

මේ පිළිබඳව තවමත් ඊශ්‍රායලය ඇතුළු මැදිහත්කරුවන් අවසන් ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව වාර්තා වනවා.

 
(colombotimes.lk)