colombotimes.lk
සිංහල | English

04 May 2024

සතොස හරහා ඉන්දීය ලොකු ළූනු ලංකාවට



ලංකා සතොස හරහා ඉන්දියාවෙන් ලොකු ළූනු ආනයනය සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලොකු ළූනු මෙට්‍රික්ටොන් දසදහසක තොගයක් අපනයනය කිරීමට පසුගියදා තීරණය කළා.

එම ළූනු තොගය ගෙන්වනු ලබන්නේ පෞද්ගලික අංශයෙන් ද රාජ්‍ය අංශයෙන් ද යන්න සම්බන්ධයෙන් වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය සාකච්ඡා කර තිබෙනවා.

එහිදී තීරණය කර ඇත්තේ ලංකා සතොස හරහා ඉන්දියාවෙන් ලොකු ළූනු ආනයනය කර අලෙවි කිරීමටයි.

ඒ අනුව පළමු ළූනු තොගය ලෙස මෙට්‍රික්ටොන් 2000ක් ඉදිරි සති දෙක තුළ ගෙන්වීමට නියමිත බව සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.
 
කෙසේවෙතත් මෙරට මාසික ලොකු ළූනු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 20,000ක් පමණ වන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

(colombotimes.lk)