colombotimes.lk
සිංහල | English

17 May 2024

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය නැවතත්



ඉන්දු ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වනදා සිට නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඉන්දියාවේ නාගපට්නම් සිට කන්කසන්තුරෙයි වාරය දක්වා මෙම මගී යාත්‍රා සේවය වසර 40කට පසුව පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී නැවත ආරම්භ කළා.

මෝසම් වැසි හේතුවෙන් සතියකට පමණ පසු එම සේවය තාවකාලිකව අත්හිටවනු ලැබූ අතර යළිත් ලබන 13 වනදා සිට එය ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)