colombotimes.lk
සිංහල | English

19 May 2024

ජපාන මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක



ජපාන මුදල් අමාත්‍ය සුනිචි සුසුකි (Shunichi Suzuki) 2024 ජනවාරි 11 සහ 12 ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව ජපාන මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා.

ජපාන මුදල් අමාත්‍යවරයා ජනවාරි 09 සිට 12 දක්වා කාම්බෝජ සංචාරය සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 
 
ජපාන මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් ඉදිරියට ගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාවය අවධාරණය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 
 
ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ද ඔහු සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වනවා.
(colombotimes.lk)