colombotimes.lk
සිංහල | English

04 May 2024

සුරතල් සතුන්ගෙන් ඈත්ව සිටින ලෙසට ජපානය අනතුරු අඟවයි



බටහිර ජපානයේ Fukuyama නගරයේ උග්‍ර විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකියකට බළලෙකු වැටීම හේතුවෙන් තම සුරතල් සතුන්ගෙන් ඈත් වන ලෙස ජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

hexavalent chromium නමැති රසායනික ද්‍රව්‍ය අඩංගු ටැංකියකට එම බළලා වැටී ඇති බවයි වාර්තා වන්නේ.

රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පිළිකා තත්වයන් සහ එහි බලපෑම නිසා ආසාත්මිකතාවයන් ඇති වීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

(colombotimes.lk)