colombotimes.lk
සිංහල | English

17 May 2024

ජපන් සෙබලුන්ට හිසකෙස් වැවීමට අවසර



ජපාන හමුදාවට අලු‍තින් බඳවාගන්නා පිරිස්වලට හිසකෙස් වැවීම සඳහා ජපාන ආරක්ෂක අමාත්‍යාංශය අවසර ලබාදී තිබෙනවා.

ඒ තරුණ තරුණියන් වැඩි වශයෙන් හමුදාවට බඳවා ගැනීමේ අරමුණින්.

ලබන අප්‍රේල් මාසයේ සිට හමුදා භටයින්ට දිගු කෙස් වැවීමට නීති ලිහිල් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නව නීතිවලට අනුව පිරිමි භටයින්ට පසුපස සහ පැත්තට මෙන්ම ඉහළට දිගු කෙස් වැවීමට හැකියාව ලැබෙනවා.

කාන්තාවන්ටද දිගු කෙස් කළඹකට අවසර ලැබී ඇති බවයි සඳහන් වන්නේ.
(colombotimes.lk)