colombotimes.lk
සිංහල | English

17 May 2024

ගිනි අවියට පපුව දෙන්නෙ තරුණයෝ - ජොන්ස්ටන් ප්‍රනාන්දු



අරගලයට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියළුදෙනාගේ ගිණුම්වලට මුදල් බැරවූ ආකාරය පිළිබඳව වහා සොයා බැලිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. 

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මහමොළකරුවන් යැයි කියා ගන්නා පිරිසගේ ජාන වල ඇත්තේ ක්‍රෝධය වෛරය, ඊර්ෂ්‍යාව ගිනි තැබීම් හා ඝාතන සංස්කෘතියක් පමණක් බවද ඔහු සඳහන් කළා. 
 
මාතලේ පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ අදහස් පළකර තිබෙනවා. 
 
එමෙන්ම මෙම ප්‍රකාශ සිදුකළ පසුව තමාගේ පියා හා මව මතක් කර තමාට බණින බවද හෙතෙම වැඩි දුරටත් සඳහන් කළා. 
 
මීට අමතරව ඔහු සඳහන් කළේ, තරුණ පරම්පරාවක් නොමග යැවූ එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවයි. 
 
ජනතා විමුක්ති පෙරමුණේ වෙනස්වී ඇත්තේ පක්ෂයේ නම හා ලාංජනය පමණක් බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. 
 
මොවුන් අරගලය මුවාවෙන් කෝටි ප්‍රකෝටිපතියන් වී ඇති අතර තරුණ පරම්පරාව තුවක්කු සංස්කෘතියට හුරු කළ බවත් ඔහු සඳහන් කළා. 
 
එමෙන්ම ගිනි අවියට පපුව දෙන්නෙ තරුණයෝ බවත් ඔවුන්ව උසි ගන්නවන අය හැංගිලා හරි පාවලා දීලා හරි බේරෙන බවත් එතුමා පවසනවා. 
 
වැඩිදුරටත් අදහස් දක්වමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ., 
' ඔවුන්ගේ ඩීල් හා දෙබිඩි පිළිවෙත දැන් දැන් හොදට තේරෙනවා. 71 දී තරුණ ජීවිත 12000කට වඩා නැති කළා. 78දී ජේ.ආර්ට උදව් කළා. 87-89 තරුණ ජීවිත 60,000ක් රටට නැතිකළා. ජේ.ආර්.ට එරෙහිව ප්‍රේමදාසට උදව් කළා. ඊලගට චන්ද්‍රිකාට මහින්දට උදව් කළා. මේ ඔවුන්ගෙ ඩීල්. පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියපු ලාල් කාන්ත සුනිල් හදුන්නෙත්ති අඩුම සුළු පැමිණිලි අංශයට කැදවලා නෑ. අනුරගේ බොරු කරලියට එනවා. ඩොලර් වලට යටවූ පිරිසක් රට විනාශ කරන්නේ. අපේ පොහොට්ටුව තියෙනකම් ෆැසිස්ට්වාදයට ඉඩක් නෑ. ජනතාවගේ ශක්තියෙන් අවුරුදු 15ක් 20ක් ඩීල් ගිනිතැබීමේ හා ඝාතන සංස්කෘතියක් ඇතිකල මේ අය පරාජය කරනවා. මම අහනවා පුලුවන්නම් රට හදන වැඩ පිළිවෙල ජනතා විමුක්ති පෙරමුණට කියන්න කියලා.'
(colombotimes.lk)