colombotimes.lk
සිංහල | English

23 October 2024


ජොන්ස්ටන් අත්අඩංගුවට



හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බවයි වාර්තා වන්නේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (23)  උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණා.

ඒ පසුගියදා හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී BMW මෝටර් රථයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළවයි.

තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ඊයේ (22) හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  සිය නීතිඥවරයා මාර්ගයෙන් අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.

එම නඩුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු ජෝන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී සිට නොමැති බැවින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස මහාධිකරණය වරෙන්තු නිකුත් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.  
 

 (colombotimes.lk)