02 April 2025


ලාෆ්ස් ගෑස් මිල වෙනස් වෙයි



අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420කින් වැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් මිල රුපියල් 168ක් වැඩි කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල 4,100ක් බවත් කිලෝග්‍රෑම් 5ක ගැසිලින්ඩරයක නව මිල රුපියල් 1,645ක් බවත් ලාෆ්ස් ගෑස් සමගම සඳහන් කළා.

(colombotimes.lk)