colombotimes.lk
සිංහල | English

19 October 2024


චිත්‍රපට සංස්ථාවට සහ පදනම් ආයතනයට නව අධ්‍යක්ෂක මණ්ඩලයක්



ජාතික චිත්‍රපට සංස්ථාවට සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා.

ඒ බුද්ධ ශාසන ආගමික කටයුතු, ජාතික ඒකාබද්ධතා සමාජ ආරක්ෂන සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් විසින්.

ඒ අනුව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙස රාජ්‍ය භාෂා කොමසාරිස් ජනරාල් ඩබ්. ප්‍රින්ස් සේනාධිර පත් කර තිබෙනවා.

එමෙන්ම එහි සාමාජිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, එම්. ඩී. මහින්දපාල, ඩබ්. ජී. ටිතිර වික්මල්, නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම්. එස්. කේ. ජේ. බණ්ඩාර, බී. එන්. දම්මින්ද කුමාර, වයි. අයි. ඩී. ගුණවර්ධන පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකා පදනම් ආයතනයේ  සභාපති ලෙස එස්. එම්. සමන් සමරකෝන් පත් කර තිබෙනවා.

එහි සෙසු සාමාජිකයන් ලෙස මහාචාර්ය කේ. එස්. වන්නිආරච්චි, ආචාර්ය ඒ. එම්. එස්. අතපත්තු, ඉංජිනේරු ඩී. එස්. කේ. එස්. ජයලත්, එම්. කේ. ප්‍රසංග චතුරංග, පී. ඩබ්. ඩී. තිසරංගනි පෙරේරා, ජී. එච්. වයි. මංජුල සිරිසෝම, ජෙයචන්ද්‍රමූර්ති රජීවන්, ආචාර්ය එම්. කේ. ද පැස්කුවෙල්, අයි. ජී. සුලක්ඛනා කුමාරි පත් කර ඇති බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)