colombotimes.lk
සිංහල | English

04 May 2024

රට ගොඩනැගීමේදී කිසිවෙකු අත්හරින්නේ නැහැ - ජනපති



රටේ මෙන්ම ජනතාවගේද ආර්ථිකය ශක්තිමත් කිරීමට ගෙන යන වැඩපිළිවෙළේදී කිසිවෙකු පසුකර හෝ අතහැර යාමට රජය කට‍යුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

රටේ ගොඩනැගෙන ආර්ථිකයේ ප්‍රතිලාභ සියලු දෙනාටම හිමි විය යුතු බවද අඩු අදායම්ලාභී සෑම පවුලක් සඳහාම අප්‍රේල් සහ මැයි මස තුළ මසකට සහල් කිලෝ 10ක් ලබා දෙන බවද ජනාධිපතිවරයා පැවසුවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ඌවපරණගම, අඹගස්දෝව මහජන ක්‍රීඩාංගනයේ අද (21) පැවති අඩු අදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක් වෙමින්.
(colombotimes.lk)