colombotimes.lk
සිංහල | English

17 May 2024

උතුරු - නැගෙනහිර ඉඩම් ගැටලු කොළඹට



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු - නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර හමුවක් ලබන අඟහරුවාදා පැවැත්වෙනවා. 

ලබන අඟහරුවාදා පස්වරු 3ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදාළ සාකච්ජාව පැවැත්වෙන බව දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළා. 
 
එහිදී බලය බෙදීම, ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව සඳහන්. 
 
මීට පෙර ද ජනාධිපතිවරයා සහ දෙමළ මන්ත්‍රීවරුන් අතර සාකච්ජා වට කිහිපයක් පැවැත්වුණා.
(colombotimes.lk)