colombotimes.lk
සිංහල | English

17 September 2024


යුක්තියේ මෙහෙයුමට කොටු වූ පිරිස ඉහළට



විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදා හරින්නන්ගේ ජාලයන් මර්ධනය කර ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේ දෙවන අදියරයට සමගාමීව ඊයේ (08) දිනය තුළ සිදු කළ වැටලීම් 712කට අදාළව සැකකරුවන් 702ක් සහ සැකකාරියන් 06ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

මෙම මෙහෙයුමේදී බස්නාහිර පළාත ආවරණය වන පරිදි කළ වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 430ක් ගංජා ග්‍රෑම් 212ක් පොලීසිය භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම පළාත තුළ සිදු කළ මුළු වැටලීම් 438කදී සැකකරුවන් 433ක් සහ සැකකාරියන් 05ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම යුක්තිය මෙහෙයුම යටතේ දකුණු පළාතේ සිදු කරන ලද වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 19ක් අයිස් ග්‍රෑම් 20ක් සහ ගංජා ග්‍රෑම් 158ක් පොලීසිය භාරයට ගෙන තිබෙනවා.

එම පළාතේ සිදු කළ මුළු වැටලීම් 78කදී සැකකරුවන් 77ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

පොලීසිය විසින් නිකුත් කළ ඊයේ (08) දිනට අදාළ වැටලීම්වල විශේෂිත සංඛ්‍යා සටහන පහතින්,



 

(colombotimes.lk)