colombotimes.lk
සිංහල | English

19 September 2024


ජනාධිපතිවරණයේ තොරතුරු රටට කියන්න Colombo Times i - Reporter කෙනෙක් වෙන්න ඔබත් කැමතිද?



ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙනවා.

ඒ වෙනුවෙන් Colombo Times සහ i TV මාධ්‍ය ජාලය එක්ව Election Times ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය ගෙන ඒමට මේ වන විට සියලු කටයුතු සූදානම්.

මෙම ජනාධිපතිවරණ ප්‍රතිඵල විකාශය අතරතුර ශ්‍රී ලංකාව පුරා ජනාධිපතිවරණය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට Colombo Times  i - Reporter කණ්ඩායම තෝරා පත් කර ගැනීම මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා.

ඔබගේ ජංගම දුරකථනය හරහා ඔබ සිටිනා ප්‍රදේශයේ තොරතුරු Colombo Times සහ i TV තුළින් රටටම කියන්න දැන් ඔබටත් පුළුවන්.

Colombo Times i - Reporter කෙනෙක් ලෙස එක්වීමට කැමති නම් දැන්ම පහත ඇති ගූගල් පෝරමය පුරවා හෙට (18) සවස 6.00ට පෙර අප වෙත එවා i - reporter කෙනෙක් ලෙස ලියාපදිංචි වන්න.  

https://forms.gle/dFbRAKseEovRo84n7

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔබ වෙත ගෙන ඒමට Colombo Times අප සූදානම්.

(colombotimes.lk)