colombotimes.lk
සිංහල | English

19 September 2024


මැතිවරණ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 63,000ක්



ජනාධිපතිවරණයේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 63,000ක් යොදවන බව පොලීසිය පවසනවා.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, ඡන්ද වීමසීමේ මධ්‍යස්ථාන ඇතුළු කටයුතුවල ආරක්ෂාව සඳහා එම පොලිස් නිලධාරීන් යොදවන බවයි.

මේ අතර ආර්ථික මරමස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යොදවන බවද පොලීසිය ප්‍රකාශ කළා.
 
පොලීසියේ සහයට සිවිල් ආරක්ෂක භටයන් 10,000ක් යෙදවීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ජංගම සංචාර සඳහා පොලිස් විශේෂකාර්ය බලකාය අනුයුක්ත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළේ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේ ඡන්ද මධ්‍යස්ථානවල කිසියම් පුද්ගලයෙකු කලහකාරිව කටයුතු කළ හොත් උපරිම බලය යෙදවීමට පොලීසියට උපදෙස් ලබා දී තිබෙන බවයි.

(colombotimes.lk)