colombotimes.lk
සිංහල | English

19 May 2024

PHOTOS | හෙට දින නවෝත්පාදකයින් සවිබල ගැන්වීමට ව්‍යාපෘතියක්



මහජන බැංකුව විසින් හෙට දින නවෝත්පාදකයින් සවිබල ගැන්වීම සඳහා වැඩසටහනක් දියත් කර තිබෙනවා.

අනාගත තරුණ පරපුර තොරතුරු තාක්ෂණික දැනුමින් සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි.

මේ සඳහා සිසුන් 100 දෙනෙකු තෝරා ගෙන තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මඟින් පරිගණක විද්‍යාවේ විවිධ විශයන් ආවරණය වන පරිදි පරිගණක විද්‍යා ඩිප්ලෝමාව (DICS) දියත් කර තිබෙනවා.

මෙමඟින් Programming, web development , Networking , Graphics සහ Computer Mathematics ආදී විශයන් ආවරණය වීම සිදු වනවා.

එය හැදෑරීම සඳහා අවුරුදු 15-19ත් අතර පාසල් සිසුන් හට ශිෂ්‍යත්ව 100ක් පිරිනමා තිබෙනවා.

මාස නවයකින් සමන්විත වන මෙම ඩිප්ලෝමාව ජාතික වෘත්තීය සුදුසුකම් 4 (NVQ level 04 ) හා සමවන පාඨමාලාවකි.

මෙහි පළමු අදියර ලෙස දිවයින පුරා මහජන බැංකු ශාඛා හරහා ප්‍රතිලාභීන් තෝරා DICS ඩිප්ලෝමා වැඩසටහන ආරම්භ කිරීම සිදුකරනු ලබනවා.

ඉන් අනතුරුව Hackathon වැඩසටහනේදී හොඳම දක්ෂතා දක්වන සිසුන් තෝරා ඔවුන් උසස් අධ්‍යාපනය සඳහා යොමු කරමින් ශිෂ්‍යත්ව පිරිනැමීම දෙවන වසරේදී සිදු කරනු ලබනවා.
(colombotimes.lk)