colombotimes.lk
සිංහල | English

17 May 2024

කලර් ලයිට් යාචකයන්ට සල්ලි දුන්නොත් දඩ



කොළඹ නගරය ඇතුළුව රටේ ප්‍රධාන මංසන්ධිවල ආලෝක සංඥා ආසන්නයේ රැඳී සිටින යාචකයන්ට මුදල් ලබා දෙන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

ඒ අනුව යාචකයන්ට මුදල් ලබා දීමට කටයුතු කළහොත් ඔවුන්ට දඩ මුදලක් ලබා දීමට කටයුතු කරන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් මෙන්ම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් කණ්ඩායම් යොදවා ඇති බව සඳහන් වනවා.

(colombotimes.lk)