colombotimes.lk
සිංහල | English

18 October 2024


පොල්ගොල්ල ජලාශය හිස්වෙයි - ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි



නඩත්තු හා මෙහෙයුම් කටයුතු හේතුවෙන් පොල්ගොල්ල ජලාශය අද (27) මධ්‍යම රාත්‍රියේ හිස් කිරීමට නියමිතව තිබෙනවා.

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දුන්නේ මේ හේතුවෙන් හෙට (28) අලුයම 1.00 සිට ලබන 30 වනදා පස්වරු 6 දක්වා පැය 65ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බවයි.

මහනුවර මහ නගරසභා බල ප්‍රදේශය, හාරිස්පත්තුව, පූජාපිටිය, පාතදුම්බර, අකුරණ, රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන, වළල සහ මාවතගම යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව දැනුම්දී තිබෙනවා.

මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී. එම්. ධර්මදාස සඳහන් කළේ එහි ජලය මහවැලි ගඟට මුදාහැරෙන අතර මසුන් ඇල්ලීමට මෙන්ම ක්‍රීඩා කිරීමට ජලාශවලට සහ ගංඟාවලට බැසීමෙන් වළකින ලෙසයි.

29 වනදා ප.ව 6.00ට ජලාශයේ ගේට්ටු වසා දමන බවත් නඩත්තු කටයුතු නිසාවෙන් පොල්ගොල්ල වේල්ල හරහා දිවෙන මාර්ගයද අද (27) මධ්‍යම රාත්‍රියේ සිට වසා තැබෙන බවයි වාර්තා වන්නේ.


(colombotimes.lk)