colombotimes.lk
සිංහල | English

18 May 2024

ජනපති - බැසිල් පස්වන වටයේ සාකච්ජාව අද



ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් අද (04) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ කොළඹ මහගම සේකර මාවතේ පිහිටි ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

එහිදී ඉදිරි ජනාධිපතිවරණය මෙන්ම රටේ වත්මන් ආර්ථිකය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතයි.

එම සාකච්ජාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, හරීන් ප්‍රනාන්දු, ටිරාන් අලස්, ප්‍රසන්න රණතුංග සහ කංචන විජේසේකර එක්වීමට නියමිතයි.

එහිදී ඉදිරියේදී පවත්වන මැතිවරණය කුමක්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගත යුතු බව බැසිල් රාජපක්ෂ ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කර ඇත්තේ මැයි දිනයෙන් පසුව කඩිනමින් මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ යුතු බවයි.  
(colombotimes.lk)