colombotimes.lk
සිංහල | English

18 May 2024

වර්තමාන ජනාධිපති තවම අපෙන් සහය ඉල්ලලා නැහැ - මහින්ද රාජපක්ෂ



ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීම ඉදිරි දේශපාලන සැලැස්ම වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වන තෙක් තීරණය කර නොමැති බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ වර්තමාන ජනාධිපතිතුමාට සහය දීමේ බලාපොරොත්තුවක් නොමැති අතර ජනාධිපතිවරයා තමාගෙන් සහයෝගයද ඉල්ලා නොමැති බවයි.
(colombotimes.lk)