අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රංශයේ පැරිස් නුවර නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.
ඒ අනුරාධපුර පූජනීය නගරයේ ලෝක උරුම දේපළ ආරක්ෂා කිරීම සඳහා ඒකාබද්ධ හා තිරසාර ප්‍රවේශයක් පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥ සමුළුවේ ඉහළ මට්ටමේ සමුළුවකට සහභාගී වීම වෙනුවෙන්.
මෙම සමුළුව හෙට (01) යුනෙස්කෝ මූලස්ථානයේදී යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
සමුළුවට සමගාමීව ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍යවරිය ප්‍රංශ රජයේ ජ්‍යෙෂ්ඨ මැදිහත්කරුවන් හමුවීමටද නියමිතයි.
(colombotimes.lk)