colombotimes.lk
සිංහල | English

19 May 2024

VISA ගැටලුවට මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රතිචාර



විවේචනයට ලක්ව තිබෙන On Arrival වීසා ලබාදීමේ නව ක්‍රමවේදය පාර්ලිමේන්තුවේ ආණ්ඩුව සහ විපක්ෂය ඒකමතිකව සම්මත කර ක්‍රියාත්මක කෙරුණු වැඩපිළිවෙලක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

ඔහු අද (06) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ, එය ඉන්දීය සමාගමක් ලාභ ලබමින් ඉන්දීය ජාතිකයන් විසින් සිදු කරන බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි.

එමෙන්ම මාස 6ක කාලයක් සඳහා මෙරටට වීසා ලබා ගැනීමේදී ඇමරිකානු ඩොලර් 75ක මුදලක් අය කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළා.
(colombotimes.lk)