colombotimes.lk
සිංහල | English

18 May 2024

කෝටියක කොල්ලයේ සැකකරුවන් අල්ලන්න මහජන සහාය ඉල්ලයි (PHOTOS)



බොරලැස්ගමුව පොලිස්වසමේ ඇඹිල්ලවත්ත ප්‍ර දේශයේ කොල්ල කෑමේ සිදුවිමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා. 

පසුගිය 12දා දිවා කාලයේදී එම ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙකු එහි සිටි මෙහෙකාරිය බිය ගන්වා රුපියල් 10,707,880ක් පමණ වටිනා දේශිය මුදල්, විදේශීය මුදල්, හා රන් භාණ්ඩ සහිත කුඩා ප්‍රමාණයේ සේප්පුවක් කොල්ල කා තිබුණා. 
 
මේ සඳහා පැමිණි සැකකරුවන් දෙදෙනාගේ CCTV දර්ශන පොලීසිය මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. 
 
මෙහිදී සැකකරුවන් සේප්පුව රැගෙන පදික වෙදිකාවක ගමන් කරන දර්ශන එහි දැක්වෙනවා. 
 
සැකකරුවන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් පහත අංක අමතන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ. 
 
ස්ථානාධිපති බොරලැස්ගමුව - 071-8591646 
පොලිස් ස්ථානය බොරලැස්ගමුව - 011-2150769

(colombotimes.lk)