colombotimes.lk
සිංහල | English

18 May 2024

පොලිස් කොමිසමට ලැබෙන මහජන පැමිණිලි අඩුවෙයි



ජාතික පොලිස් කොමිසමේ මහජන පැමිණිලි විභාග කිරීමේ ප්‍රගතිය පසුගිය වසරවලට සාපේක්ෂව ගිය වසරේදී 27%ක් දක්වා අඩු වී තිබෙනවා.

මෙය නවතම විගණන වාර්තාවෙන් අනාවරණය වී ඇති බව සඳහන්.

එම වාර්තාව පෙන්වා දෙන්නේ, 2020 සහ ඊට පෙර වර්ෂවලදී 70% ඉක්ම වූ මහජන පැමිණිලි විමර්ශනය කිරීමේ ප්‍රගතියක් ජාතික පොලිස් කොමිසමේ පැවැති බවයි.

ජාතික විගණන කාර්යාලය මේ බව අනාවරණය කරන්නේ, 2022 වසරට අදාළව ජාතික පොලිස් කොමිසමේ වාර්ෂික වාර්තාව පිළිබඳ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින්.

අදාළ වාර්තාවේ දැක්වෙන්නේ, පසුගිය වසරේ කොමිසම වෙත ලැබී තිබූ පැමිණිලි අතරින් වැඩි ප්‍රමාණයක් පොලීසිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම, පක්ෂග්‍රාහි වීම සහ බලය අයතා පරිහරණයට අදාළව ඉදිරිපත් වූ ඒවා බවයි.
(colombotimes.lk)