colombotimes.lk
සිංහල | English

19 May 2024

නයිජර් ජනපති යළි සේවයේ පිහිටුවන්න - ඇමරිකාව



පසුගිය මාසයේ නයිජර් රාජ්‍යයේ සිදු වූ කුමන්ත්‍රණයෙන් පසු ඇමරිකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නයිජර් හමුදා නායකයින් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා තිබෙනවා.

එහිදී ඇමරිකාව පවසා ඇත්තේ, කුමන්ත්‍රණය තවමත් රාජ්‍ය තාන්ත්‍රිකව අවසන් කළ හැකි බවයි.

ජනාධිපති මොහොමඩ් බාසූම් යළි සේවයේ පිහිටුවන ලෙස ද ඇමරිකාව එහිදී නයිජර් හමුදා නායකයින්ට පවසා ඇති බව සඳහන්.

මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන බ්‍රහස්පතින්දා බටහිර අප්‍රිකානු රටවල් රැස්වීමට ද නියමිතයි.

නයිජර් ජනාධිපති මොහොමඩ් බාසූම් තවමත් රැඳවුම් භාරයේ සිටින නමුත් මීට පෙර ඇමරිකානු නිලධාරීන්ට දුරකතනයෙන් කතා කර ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන් වනවා.
(colombotimes.lk)