colombotimes.lk
සිංහල | English

18 May 2024

මාස 3කට වරක් ඖෂධ මිල අඩු කෙරේ



ඉදිරියේදී ඖෂධ වර්ග 60 ක මිල අඩුකළ ද දැනට පවතින තොග අලෙවි කිරීම සඳහා ඔසුසැල් වලට සති දෙකක සහන කාලයක් ලබා දීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ඒ අනුව ලබන 15 වන දා සිට ඖෂධ වර්ග පහළොවක මිල 16% කින් අඩුකිරීමේ ගැසට් නිවේදනය ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සකස්කර සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දී ඇති බව ඔහු සඳහන් කළා.

මෙලෙස මිල අඩු කරන ඖෂධ අතර දියවැඩියා රෝගය, අධිරුධිර පීඩනය සහ ශරීර වේදනාවන් ඇතුළු රෝග රැසක් සඳහා භාවිත කරනු ලබන ඖෂධ ඇතුලත් වන බව සඳහන්.

සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ, සෑම මාස 3කට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කරමින් මිල අඩු කිරීමට පියවර ගන්නා බවයි.

ඊයේ (12) ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය සහ පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය සමඟ පැවති සාකච්ජාවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
(colombotimes.lk)