colombotimes.lk
සිංහල | English

17 May 2024

රෝයල් පාක් නඩුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී හිටපු ජනපති කියූ දේ



රෝයල් පාක් ඝාතන චූදිත දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමේදී තමන් නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය කළ බවත් සෑම විටම සාධාරණව කටයුතු කළ බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නීතීඥවරයා මාර්ගයෙන් අද ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා. 

ඒ දොන් ශ්‍රමන්ත ජූඩ් ඇන්තනි ජයමහ මහතාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. 
 
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා මෙම අදහස් පළ කළා.
(colombotimes.lk)