colombotimes.lk
සිංහල | English

18 October 2024


සජබයේ ප්‍රබල තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කරයි



සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයකට අද (27) නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම වසරේ සමගි ජන බලවේගයේ සභාපති ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

හිටපු කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සමගි ජන සන්ධානයේ මහාලේකම් සඳහා පත්කර ඇති අතර සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පත්කර තිබෙනවා.

(colombotimes.lk)