colombotimes.lk
සිංහල | English

17 May 2024

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ළඟදීම



සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් එම ධුරවලින් ඉවත්විය යුතු බව පවසමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට අද උදෑසන සත්‍යග්‍රහයක් ආරම්භ කළා. 

මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුල් වීමට නොහැකි බව පවසමින් පොලිසිය එයට බාධා එල්ල කර තිබුණා. 
 
එම බාධා හමුවේ ගේට්ටුව අසලින් ඉවත්වී ඔවුන් පදික වේදිකාවේ නැවත සත්‍යග්‍රහය ආරම්භ කර තිබෙනවා. 
 
පසුව සත්‍යග්‍රහයට සහය පළකරමින් පාර්ශව රැසක් එම ස්ථානයට පැමිණ තිබුණා. 
 
මීට අමතරව ඊයේ පස්වරුවේ රැස්වූ සමඟි ජන බලවේගයේ රැස්වීමේදී සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය මේ සතියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඒකමතිකව තීරණය කර තිබුණා. 
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, සුළු පිරිසකගේ විරෝධය හමුවේ ධුරයෙන් ඉල්ලා අස්වීමට තමන් එකඟ නොවන බවයි.
(colombotimes.lk)